සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ වසර 12ක පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සහ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බෙල්ග්‍රේඩ් අගනුවර විරෝධතාවල නිරතවනවා.
සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතාවය මෑත කාලයේ එරට විශාලතම විරෝධතාව වන අතර 140,000 ක පමණ විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් සර්බියානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ මැතිවරණයක් ඉල්ලා සිටින විරෝධතාකරුවන්, තම රට අත්පත් කර ගැනීමට උත්සාහ කරන විදේශීය කුමන්ත්‍රණයක කොටසක් බවයි.