බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන ජූලි මස පළමු වනද‍ා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

එලෙස ආරක්ෂිත ආසන පටි පැළදීම සිදුනොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කර ඇත.

මෝටර් රථ පනත අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණ ද බොහෝ රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම සිදු නොකරයි.