පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, එම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන, සාපරාධී විශ්වාසය කඩකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.