තෝරකොළයායේදී වෙඩි තබා ඝාතනය ත​ළ තරුණයින් දෙදෙනෙකු​ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වන විට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමඟ එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.