අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ.
අවශ්‍ය ග්රාමාරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
බඳවා ගන්නා ග්රාමාරක්ෂක භටයින් සඳහා දැනට ඔවුන් ලබන වැටුපට අමතරව අමතර ගෙවීමක් කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.