පොල් දෙසතියේ පළමු අදියර ජූලි 14 සිට යාපනයෙන් ආරම්භ කෙරේ

පොල් වගාවට හානි කරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එහි පළමු අදියර ලබන මස 14 වැනිදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ.

සියලුම දිස්ත්‍රික්කවලදී පොල් දෙසතිය වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, මෙහිදී සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කර සේදීමට කටයුතු කරන බවත්, අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර මේ වන විට සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.