පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විසමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හමුවේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද (23) සාක්ෂි දීමට නියමිතය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විසමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (23) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය. මෙම දින 03 තුළ වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂිකරුවන් 15 දෙනකු කමිටුව හමුවට පැමිණීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය වීරවික්රම මහතා කමිටුවට දන්වා සිටියේය.
ස්වර්ණා විජේකෝන්