මැදපෙරදිග යුද්ධය නතර කරන්නැයි පාප්වහන්සේගෙන් දැඩි ඉල්ලීමක්

මැදපෙරදිග යුද්ධය “සුව කළ නොහැකි අගාධයක් බවට පත්වීමට පෙර” එය නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව XIV ලියෝ පාප් වහන්සේ අද (22) ප්‍රකාශ කළා.

ශාන්ත පීටර් චතුරශ්‍රයේ සිට පැවති සාම්ප්‍රදායික සතිපතා යාඥාව අතරතුර, පාප්වහන්සේ ඉරානයෙන් ලැබෙන කනස්සල්ලට කරුණක් වූ පුවත ගැන එහිදී සඳහන් කළා.

“අද වෙන කවරදාටත් වඩා, මනුෂ්‍යත්වය සාමය වෙනුවෙන් හඬා වැටී අයදිනවා,” පාප් නිල නිවසේ කවුළුවෙන් අදහස් දක්වමින් ලියෝ පාප්වහන්සේ එහිදී පැවසුවා.

විශේෂයෙන්ම ගාසා තීරයේ ජනතාවගේ දෛනික දුක් වේදනා අමතක කිරීමේ අවදානම පිළිබඳවද එහිදී උන්වහන්සේ අනතුරු ඇඟවූවා.

ඉන් අනතුරුව, පාප්වහන්සේ “ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම සාමාජිකයෙකුගේම” “සදාචාරාත්මක වගකීම” අවධාරණය කළ අතර, රාජ්‍ය තාන්ත්‍රිකත්වය මගින් යුද්ධය නිහඬ කරන ලෙස තරයේ කියා සිටියා.