ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු හා මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවයි එහිදී චීනය අවධාරණය කරනු ලබනන්නේ.
චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ, එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මැදපෙරදිග ආතතීන් තවත් උග්‍ර කරන බවයි.