නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46 ක් ලෙස නව  ගාස්තු සංශෝධනය වී ඇත.

බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ජුනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි.

2025 ජූනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ට  මෙම සංශෝධිත ගාස්තු අදාළ වන බව ද සඳහන් කර ඇත.

2025 ජූනි 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහාත් මෙම නව ගාස්තු අදාළ වේ.