එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව ජුනි 19 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වා තිබේ.
“AI (Artificial Intelligence) යුගයේ මිනිසුන් සහ හැකියාවන්” යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘත්‍රීම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සඳහන් කර තිබේ.
රටක් සංවර්ධනය කිරීමට, එරට ආර්ථිකය සහ සමාජය හැඩගැස්වීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බලමුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණ වන අතර මෙම මානව සංවර්ධන වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ප්රදානය කිරීමේ අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නියෝජිත අසූසා කුබෝටා ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා උපායමාර්ගික සම්බන්ධතා සහ නවෝත්පාදන කණ්ඩායමේ ප්‍රතිපත්ති විශේෂඥ ෆාදීල් බාකීර් යන මහත්ම මහත්මීන් ද එක්වූහ.