නාඋල, රිය අනතුරකින් තිදෙනකු රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කොට තිබෙනවා. 

දඹුල්ල නුවර පාරේ 58 වැනි සැතපුම් කණුව ආසන්නයේ අද උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මහනුවර දෙසින් දඹුල්ල දෙසට පැමිණෙමින් තිබු ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා. 

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්කරමින් සිටි එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට තිබෙනවා. 

තුවාල කරුවන් අතර වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකුද සිටින අතර එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ එකම පවුලේ පියා මව හා දරුවා බවයි වාර්තා වන්නේ.