බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙ​න පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා.

මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ ප​ළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කර​න බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (21) උදෑසන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක දක්වා තිබුණේ, බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් නැතහොත් අවුරුදු 2 ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවයි.