රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු (19) ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් සිව් දෙනෙකු පිරිමි ගුවන් මගීන් වන අතර ඉතිරි දෙදෙනා කාන්තා ගුවන් මගීන් වේ . ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකු විදේශීය ගුවන් මගී කාන්තාවකි.
ඔවුන් සියලු දෙනා ඩුබායි , සාජා සහ බැංකොක් යන ගුවන් තොටුපොළ වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” “මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සියලුම දෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති