ත්‍රිකුණාමලය, තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස්, තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් එය ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන්, ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයා මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථ රියදුරු බරපතල තුවාල ලබා පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.