අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සිය සේවාවේ උසස්වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි. දුමින්ද ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කර සිටියා.