කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යයන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා.
ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (17) පැවත්වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
අදාල ක්ෂේත්‍රයන් හි තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුළත් කිරීම මේ යටතේ සිදු කරන අතර, මෙම වැඩපිළිවෙළ සමග එළඹෙන වසර අවසානය වන විට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එම ව්‍යාපෘති අතර, නව වාරි ව්‍යාපෘති 10ක්, ගොවීන්ට රක්ෂණාවරණයක්, ඉඩම් කැබලි 500 ක් ලබාදීම ඇතුළු නව ව්‍යාපෘති 25 ක් ඇතුළත් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.