පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.