දීර්ඝකාලීනව නොවිසඳුනු පරිපාලන ගැටලු මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන/වාණිජ තනතුරේ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත්, 20 වැනි සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.