අධික වර්ෂාව නිසා කඳුකරයේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි

මසකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජල විදුලිබලාගාර ජලශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. 

අප වාර්තාකරු සඳහන් කළේ, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (17) පෙරවරුව වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 16ක් හා 12ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසූ බවයි. 

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙන්.