ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා අද ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පෙර දිනයේදී ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවී තිබුණා.