අමෙරිකානු රජයේ අසාදුලේඛනගත නිලධාරින්ගේ සහභාගිත්වයෙන් චිනයේ පැවැති සෞඛ්‍යාරක්ෂණ සමුළුවකට හාර්වඩ් විශ්වවිද්‍යාලය සහයෝගීතාව ලබාදීමෙන් රජයේ සම්බාධක උල්ලංඝනය වූයේදැයි විමර්ශනයක් සිදු කරන ලෙස රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.
චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාවට අයත් පුද්ගලයන් බලහත්කාරයෙන් සේවයට යොදාගැනීමෙන් අමෙරිකාව විසින් සම්බාධක පනවනු ලැබූ ෂින්ජියැන් නිෂ්පාදන සමාගමේ සහ තවත් ඉදි කිරීම් සමාගමක නිලධාරීන් පිරිසක් එම සමුළුවට සහභාගි වූ බවට තොරතුරු පළවී වී ඇතැයි ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. හාර්වඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් චීන සිසුන් වන අතර, එම විශ්වවිද්‍යාලය චිනයේ පැවැත්වෙන විවිධ සමුළු සඳහා සහයෝගීතාව ලබාදීම අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පරිපාලනයේ විශ්වාසය වී ඇතැයි ද වාර්තා වේ. එම නුසුදුසු ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස පසුගියදා ට්‍රම්ප් පරිපාලනය හාර්වඩ් විශ්වවිද්‍යාලයට දැනුම් දී තිබූ බව ද වාර්තා වේ.