නව විදුලි බිල්පත් වැඩිවීම අතීතයට බලනොපාන බවත් එය බලපාන්නේ ඊයේ දින (12) සිට බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා දිනමිණට ඊයේ (12) පැවසීය.
වර්තමානයේ විදුලි බිල අය කිරීම සිදු වන්නේ ස්වයංක්‍රිය ක්‍රමයකින් හෙයින් ජූනි මස 01 වැනි දින සිටම අය නොකරන බවත් ස්වයංක්‍රියවම බිල්පත් වැඩි වීම ඊයේ (12) සිට ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසුවේය.
එබැවින් මනු කියවන්නා විසින් විදුලි මීටරය සටහන් කිරීමෙන් අනතුරුව නව විදුලි වැඩිවීම 12 වැනි දින සිටත් පෙර විදුලි වැය වීම ජූනි 01 දින සිටත් යන ආකාරයට බිල්පත් සැකසෙන බව ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සඳහන් කළේය. එය අනෙකුත් විදුලි පෞද්ගලික ආයතනවලත් ක්‍රියාත්මක වන්නේ එම ආකාරයටමය.
රක්ෂණ ශ්‍රියන්ත