ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.
ඒ අනුව මෙම ගැඹුරු ශෝකජනක මොහොතේ, ශ්රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
එයාර් ඉන්දියා ගුවන් යානයේ (AI171) ඛේදජනක අනතුර ගැන මම දැඩි ලෙස කණගාටු වන බවත් යානයේ සිටි සියලු දෙනාගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප්රකාශ කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.
අදාළ X පණිවිඩය පහතින්.
