උඩරට දුම්රිය මාර්ගයේ සීමා කර තිබූ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
මහනුවර ප්‍රදේශයේ පසුගිය දින දෙකේ පැවති අධික වර්ෂාව සමඟ මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක කොටසක් ගිලා බැසීමකට ලක්වී තිබුණු අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබුණා.
එම ස්ථානය යළි පිළිසකර කර ගමනාගමන කටයුතු යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.