බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය යළි අධිකරණයට රැගෙන එයි

වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරින් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහි නඩුව අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීති විරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.