ජුනි 11 වැනිදා පැය 10ක කාලයක් ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා පැය 10ක කාලයක් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බල ප්‍රදේශ ද, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.