රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද සිට බලාත්මක වනවා.
විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කර ගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය යන රටවල් සඳහා අද සිට අමෙරිකාවට ඇතුළුවිම තහනම් වනවා.
එසේම, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් සඳහා අමෙරිකාවට ඇතුළු වීම අද සිට අර්ධ වශයෙන් සීමා කර තිබෙනවා.
පසුගියදා අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේදි ඊජිප්තු ජාතිකයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ විදේශිය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරීම සඳහා එම තීරණය ගත් බවයි අමෙරිකානු ජනපතිවරයා සඳහන් කර සිටියේ.