මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාගෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවට සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම නිලධාරීන්ට විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පහසුකම් සලසන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක අදාළ විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පහසුකම් සලසන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.