අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (09) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජනපති සමාව අනීතිකව භාවිතා කර රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා 52 හැවිරිදි කළුතර පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.