දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම හමුවේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට අඛණ්ඩව සහාය වීම සඳහා JICAට ඇති හැකියාව පිළිබඳ ඔහු යළිත් අවධාරණය කළේය.
නව පත්වීම වෙනුවෙන් අගමැතිවරිය කුරෝනුමා මහතාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව සිය ස්තුතිය ද පළ කළාය.
තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනාම ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳව ද අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය.
දෙරට අතර සහයෝගීතාවේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට සියලුම අංශවල විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂයමාලා සංශෝධනය කිරීම සහ ප්‍රධාන අවශ්‍යතා තක්සේරු කිරීම ඇතුළත් වනු ඇත.
එසේම වෘත්තීය පුහුණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
JICA ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝජිතයන් ද, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, සහකාර අධ්යක්ෂ ගයංගා ඩයස් මහත්ම මහත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
නුවන් කොඩිකාර