පොසොන් පුන් පොහොය දිනය මූලික කරගෙන දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.
පොසොන් උත්සවය සඳහා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙතැයි අපේකෂා කරනු ලබන අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ සඳහා අනුරාධපුර මූලික කරගෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා කලාප 06 වශයෙන් පොලිස් නිලධාරින් 3500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරි සඳහා යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී සහය ලබාගැනීමට පොරොත්තු සේවා රාජකාරියේ යොදවා ඇත.
එම නිවේදනය පහතින්,
