ටී 56 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) පස්වරුවේ ටී56 වර්ගයේ අවියක් හා එම පතරොම් 29 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා පොලිසිය විසින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා සිදුකරනු ලැබූ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලවයි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය සඳහන් කළා.