තමන් ලොව ප්රමුඛ ධනවතෙකු වන ඉලොන් මස්ක් සමඟ තිබූ සම්බන්ධතාවය අවසන්ව ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ට්‍රම්ප් සහ මස්ක් අතර මත ගැටුමක් පවතින බව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා.
ඊට ප්‍රධානතම හේතුව වූයේ රජයේ කටයුතුවලින් ඉවත්ව සිය ව්‍යාපාරික අවශ්‍යතා සදහා මූලිකත්වය ලබා දෙන බවට ඉලොන් මස්ක් විසින් සිදුකල ප්‍රචාරයයි.
කෙසේ වෙතත් තමන් මස්ක්ගේ හැසිරීම සම්බන්දයෙන් කලකිරීමට පත්ව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.