ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවට අද 148ක් පිටව යයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එසේ රැකියා හිමිවූ 06 වන කණ්ඩායම මෙය වන අතර, ඔවුන් කාණ්ඩ තුනක් යටතේ මෙරටින් පිටත්ව යාමට කටයුතු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

මෙම පිරිසත් සමගින් ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාලව ශ්‍රි ලාංකික තරුණයින් 413 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිව ඇති බවයි එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.