පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (05) දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් අද උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.
ළමා රෝහල්, පිළිකා රෝහල්, මානසික සෞඛ්‍ය විද්‍යාතන, වකුගඩු රෝහල් හා අනෙකුත් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා අංශවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චලිත් අමරදිවාකර සඳහන් කරන්නේ, ගැටලුවට විසඳුම් දෙමින් තිබියදී ආරම්භ කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.