බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

කොළඹ – පිළියන්දල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.