පසුගිය දින හතර තුළ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එසේම ජල ගැලීම් පවතින ප්‍රදේශවල සිරවී සිටි පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බේරා ගැනීම සදහා එරට හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.කෙසේ වෙතත් ඉදිරියේ දී තවදුරටත් තද වැසි අපේක්ෂ කළ හැකි බවට එරට කාලගුණ අංශ විසින් නිවේදනය කර තිබෙනවා.
මේ අතර බංග්ලාදේශයේ, සිල්හෙට් හි සිදුවූ නායයෑමකින් එකම පවුලේ හතර දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සිය ගණනක් අවතැන් වී ඇති බව සඳහන්.