දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, හිටපු ජනපති යූන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට නව පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහායි. ව්‍යවස්ථානුකූලව එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2027 වසරේදීයි.
නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැය 6කට ආසන්න කාලයක් යුද නීතිය පැනවීමේ සිද්ධිය මුල් කරගනිමින් යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා.
මත විමසුම්වලට අනුව මෙවර තරග වදින අපේක්ෂකයින් 6 දෙනා අතරින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ චේ-මියොන්ග් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ජනතා බලය පක්ෂයේ අපේක්ෂක කිම් මූන්-සූ තරග වදිනවා.
මෙවර දකුණු කොරියානු ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ වසර 18කට පසුව පළමු වරට කාන්තාවක් තරග නොකිරීමයි.