ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා හිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත්, ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ‘කාෆේ තානේ’ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකිකයින් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.