රසායනාගාර විද්‍යාඥවරුන් සහ භෞතික චිකිත්සක නිලධාරීන් අද වර්ජනයක

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුවන අසාධාරණය ඇතුළු ඉල්ලීම් පහක් මුල්කර ගනිමින්, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත්, වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

ඉදිරියේදී මෙම වැඩ වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෙනත් වෘත්තීය සමිති ද සහාය පළ කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.