2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
අදාළ වන්දි මුදල පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
ඊට අමතරව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න නැමැති තරුණයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත.