නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඊයේ (23) රාත්රියේ අනතුරක් සිදුවුණා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු ප්රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු අදාළ බස් රථයේ ගමන්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්රදේශයේ සිට බදුල්ල ප්රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පැවසෙන්නේ.