ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (23) සිට ආරම්භ වනවා.
එය ලබන මස 05 වැනිදා දක්වා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
ඒ අනුව, සබරගමුව පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද දිනය පුරා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතයි.
විදුලි බිල 18.3% කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.