පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට යළිත් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළිත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ජුනි මස 02 වැනිදා වන විට පළාත් පාලන ආයතන පිහිටුවිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ