හෙට (23) ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්රාදේශීය සභා බල ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.