නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටියා.