අද ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4.00 සිට 6.00 දක්වා ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන සඳහන් කළේ.

මෙම උත්සවය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගීවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.