පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු වේ.
ඒ අනුව දුම්රියෙහි වනඅලි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය රියදුරන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පෙරේදා (16) සහ ඊයේ (17) දෙදින ගිරිතලේ ජාතික වනජීවී පුහුණු සහ පර්යේෂණ කේන්ද්‍රයේදී පැවැත්විය.
මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු සමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිළධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වනජීවී නිළධාරීන් සහභාගී වූහ.පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා අනෙකුත් ආයතන සමඟ කටයුතු කිරීමේ එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වීය.
විශේෂයෙන් දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීමට දුම්රිය රියදුරන් විසින් සිදු කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කඩිනම් සහ සුුදුසු පියවර මොනවාද යන්න හඳුනාගනිමින් නිසි අධ්‍යයනයකින් යුතුව සියලු අමාත්‍යංශ හා ආයතන එක්ව ඉදිරියේදී ද කටයුතු කිරීමට නියමිතය.