අනතුරුවලින් ගිය සතියේ 35ක් මරුට

ඉකුත් සතියේ රට පුරා සිදු වූ අනතුරුවලින් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ.
වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිය අනතුරුවලින් වන අතර, ඒ සංඛ්‍යාව 28කි.

මේ වසරේ ජනවාරි 1 දා සිට මැයි 14 දක්වා සිදු වූ රිය අනතුරු 902කින් 965 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.